Wednesday, May 5, 2010

හිතවතානෙණි.....

එකම බිම් කඩක
නොදැන කල් ගෙවී බොහෝ
හැදින ගත්තෙමු එකිනෙකා
වෙන්ව යන්නට ආසන්න වූ
ඒ නිමේෂයේ දී.......

දිරිය සිත දිග හැරෙන කළ
මහත්මා ගති පණ ගහනවිට
ඔබේ ගුණ කඳ දෙස බලා
වැඩුව ආශා ගොඩ ගැසී....

මල් පිපුණ මුත් සිය දහස්
නොමැත ඵල හට ගැනී ලා
මලානික වී ගස පාමුල ම
මල් ගොඩම බිම වැටී ලා

කඳුළු බිඳු ගල් වුනා - හඩන්නට බැරි දිනේ
ඔබේ සොදුරු ගුණ නිතර - මසැස ඉදිරියෙ මැවේ
සදා ජය පතමි මම - තරහවක් නැති සිතේ
පතමි මේ සසරෙ දී - ඔබ ඇසුර යම් දිනේ

2 comments:

අසංක said...

ඇත්තටම ආදරන් පැරදුන හිතක මතුවන සිතුවිළි

ලස්සනයි....එත්.....කටුකයි.

ජය.

dulani said...

ස්තූතියි. අදහස් දැක්වූවාට