Monday, May 30, 2011

කාලය



අරුම වූ මේ දිවි මගේ



විශ්මයකි ගෙවෙනා



කාලයයි නමි දී ඇතත්



සිතා ගත නොහෙනා.....



බෝහෝ මිතුරන් අපට මුණගස්වා....



නැවත අප සැම දුරස් කරනා...



විටෙක සොඳුරුව විටෙක රුදුරුව



අප සමඟ සිටිනා...



සොබා මව්ගේ අනගි නිමවු ම



කාලය ද සිතෙනා...

Tuesday, January 25, 2011

කිරි බබලන හඳඑලියේ

දිලිසි දිලිසි සුදට සුදේ

බොදු දන මන සනසා ලන

කිරි වෙහෙරයි

මේ මිතුරේ