Thursday, May 14, 2009

සුහදානෙනි.....

හෙමින් හෙමින් හිස් අහසට
වෙසක් සඳ උදා වන විට
වෙසක් සඳේ සිසිල රැගෙන
සිත් අඹරට පෑයූ සඳ

ඇස ගිනිකණ වට්ටාගෙන
නියෝන් එළි දිලෙන අතර
මැටි පහනේ සුමුදු එළිය
අරගෙන මා සිත් මල වෙත
පිය මැන ආ සුහදානන......

සරු පස පෙරලු අත් යුග
රඵ පහසක් ගෙන දුන්න ද
හෙළ ගති ඇති නුඹේ සිතේ
මෘදු බව අත්විඳි අන්දම
අකුරු කරන්නට බැරි වුව...

සයුර ගගන හමුවෙන යුරු
දුර සිට අප නැරඹුවාට
කවදාවත් එක් වෙන්නැති
ක්ෂිතිජය මායාවක් බව
දැන දැන මුත් ලං වුනාට

රිදෙනා බව දැන දැනමත්
අප සිත් රිදවා ගත්තට
වේදනාව පුපුරු ගසා
ඇස් කඳුලින් තෙත් කලාට

ආයෙත් අපි සිනා නගමු
අදට වඩා එළිය ඉරක්
හෙට පායා ඒවි නේද?

No comments: