සොදුරු වසත් සමයයි - ගෙවෙන්නේ
ජීවන ඕවිල්ලේ...
මල් පාවාඩ සැඳී මඟ දෙපසේ
ජීවන ගීය ගැයෙන්නේ...
සුන්දර යෞවනයේ මහබික්මන
ලඟ බවදෝ-කියුවේ...
මල්සර කුමරුණී කෝ කොහිදෝ ඔබ
කෙවිලිය තනිව ගයන්නේ.......
ජීවන වන්දනා ගමනේ අප ගත කරන සොදුරු නිමේෂයන් මෙන් ම කටුක අත්දැකීම් ද මැදි සිතින් දරා ගැනීමට අපගේ නිර්මාණ දක්වන දායකත්වය අතිමහත්ය.එවන් නිර්මාණ එකතුවකි මේ.